උත්සව සමයේ බිත්තර මිල රුපියල් 35 සීමාවේ තියාගන්න බිත්තර නිෂ්පාදකයින් තීන්දු කරයි

උත්සව සමයේ බිත්තර මිල සැලකිය යුතු අඩු මට්ටමකින් පවත්වාගෙන යාමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර තිබේ.

අනුව, මේ වන විට වෙළද පොලේ බිත්තරයක සිල්ලර මිල රුපියල් 35 ට අඩු මට්ටමකින් පවතී.

බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසන්නේ ග්‍රෑම් 50 ට අඩු සාමාන්‍ය බිත්තරයක් රුපියල් 30 සහ 32 අතර මිලකටත්, ග්‍රෑම් 50 ට වැඩි බිත්තරයක් රුපියල් 33 සහ 35 අතර මිලකටත් අලෙවි කිරීමට කටයුතු කර ඇති බවයි.

පසුගිය වසරේ දෙසැම්බරයේ බිත්තරයක සිල්ලර මිල රුපියල් 65 ත් 70 ත් අතර අගයක් ගෙන තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *