බිත්තර මිල රුපියල් 35 දක්වා පහළ බසියි

දේශීය බිත්තර මිල විශාල ලෙස ඉහත යෑම හේතුවෙන් පසුගියදා කෘෂිකර්ම අමාත්‍යංශය විසින් නැවත වතාවක් ඉන්දීය බිත්තර ආනයනය කිරීම සඳහා තීරණයක් ගනු ලැබුවා.

වෙළඳපොළ තුළ දේශීය බිත්තරයක් රුපියල් 50-55 අතර මිලකට පසුගිය සතිය තුළදී පළවි වූ අතර රජය විසින් බිත්තර ආනයනය සඳහා ගනු ලැබූ තීරණයෙන් පසුව බිත්තර මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහත වැටී ඇති අයුරු දක්නට ලැබෙනවා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර් එම් සරත් රත්නායක මහතා පැවසුවේ රුපියල් 35කට අලෙවි කළ හැකි දේශීයව නිෂ්පාදනය කරන බිත්තර මේ වන විට වෙළෙඳපොළ තුළ පවතින බවයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ඉදිරියේදී බිත්තර මිල තවත් අඩු වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *