පක්ෂයක් අභ්‍යන්තරයේ සිද්ධවන කඩප්පුලිකම්වලටත් විනයක් හෝ සදාචාරයක් නොමැති හැසිරීමටත් මැතිවරණ කොමිසමට වගකිව නොහැකි බව ද, පක්ෂයේ ලේකම්වරිය ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය නම් කර එවූ පසු මැතිවරණ කොමිසම කළ යුත්තේ නීත්‍යානුකූලව එම නම් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේය.
ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට වංචා කර ඇති රවී කරුණානායක සම්බන්ධව මේ වනවිට මතුවී ඇති ආන්දෝලනාත්මක තත්ත්වය සම්බන්ධව ලංකාසර කළ විමසීමක දී මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැහැදිලි කළේ දැන් මෙම ගැසට් නිවේදනය සම්බන්ධ තීරණයක් ගත හැක්කේ උසාවි නියෝගයකින් පමණක් බවය.
මෙම මන්ත්‍රීවරයා දිවුරුම් දීමෙන් පසු ඉල්ලා අස්වුවහොත් අදාල පක්ෂයේ ලේකම්වරිය මැතිවරණ නීති රාමුව තුළ නම් කර එවන පුද්ගලයාගේ නම යළිත් වරක් ගැසට් කිරීමට ද මැතිවරණ කොමාසමට නීත්‍යානුකූල හැකියාවක් ඇති බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැහැදිලි කළේය.
දේශපාලන සදාචාරයකින් තොරව එක් එක් අවස්ථාවලදී බලය අල්ලා ගැනීමට සන්ධානගතවන අශික්ෂිත දේශපාලනයේ ප්‍රතිඵලය මෙය බවද ප්‍රකාශ කරමින් ඔහු මෙසේ පැවසුවේය.
“පක්ෂයේ අභ්‍යන්තර තත්ත්වය අපට අදාල නෑ. පක්ෂ ලේකම් අපට නම් එවලා තියනවා. පක්ෂ ලේකම් අපට නම් එව්වට පස්සේ ඒක පක්ෂයේ අභ්‍යන්තරය එකඟ ද නැද්ද කියන එක මැතිවරණ කොමිසමට අදාල නෑ. ඒ ගොල්ලන්ගේ පක්ෂය තුළ සදාචාරයක් විනයක් නැති එකට අපි මොකද කරන්නේ. අපට කරන්න දෙයක් නෑනේ. අපට තියෙන්නේ පක්ෂයේ ලේකම් නම එව්වට පස්සේ ලේකම් එවන නම ගැසට් කරන එක.”
“පක්ෂයේ ලේකම් ශ්‍යාමිලා. ශ්‍යාමිලා පෙරේරා අපට එව්වට පස්සේ අපිට ඒ තීරණයේ අභ්‍යන්තරය හොයන්න අවශ්‍ය නෑ. ශ්‍යාමිලා අපේ ලඟ ඉන්න ලේකම්. ඒ අයගේ තියන නිහීන කඩප්පුලි දේශපාලනය හින්දා වෙන දේවල්වලට අපට වගකියන්න බෑ. ඒක ඒ අය හදාගන්න ඕන. පක්ෂ අභ්‍යන්තරයේ විනයක් හදාගන්නෙ නැතිව කොහොමද රට හදන්න හදන්නේ මේ අය. ”
“පක්ෂ අභ්‍යන්තරයෙ තියන්නේ ඒ ගොල්ලන්ගේ ප්‍රශ්නයක්. අපට කරන්න තියෙන්නේ ලේකම් එවන නම ගැසට් කරන එක. අපට ඉන් එහාට ඒ අයගේ ප්රශ්නවල කිසිම අදාලත්වයක් නෑ. ශ්‍යාමිලා ඒක හොරෙන් කළා නම් පොලිසියේ ඇන්ට්‍රියක් දාලා පවතින නීති රාමුව ඇතුළෙ අධිකරණයට ඒ ප්රශ්නය රැගෙන ගිහින් අධිකරණ නියෝගයක් ගන්න ඕන . අපේ පැත්තෙන් මේ ගැසට් එක අවලංගු කරන්න අපට කිසිම අවශ්‍යතාවයක් නෑ . එහෙම කරන්න අවශ්‍ය උසාවි තීන්දුවක් ආවොත් විතරයි. මොකද මේ ගැසට් එක අදාල පුද්ගලයටම ගපහු ගැසට් එකක් නෙමෙයි. ”