විදුලි ගාස්තුව දැනෙන ගානකින් පහළ දාන්න යයි

ගාස්තු අඩු කිරීම පිළිබඳව විශ්ලේෂණයක් ආරම්භ කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පවසයි.

ඔහු සඳහන් කළේ ඊට අදාල වාර්තාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කරන බවයි.

මහජන උපයෝගිතා කොමිසමේ නිල කාලය මේ වනවිට අවසන්ව ඇති අතර ඒ සඳහා නව සාමාජිකයන් පත් කරන්නේ නව පාර්ලිමේන්තුව රැස්කිරීමෙන් පසුවයි.

සභාපතිවරයා පෙන්වා දෙන්නේ මාස හයකට වරක් විදුලි ගාස්තු සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදුකල යුතු වුවත් එය විධිමත් පරිදි සිදුවී නොමැති බවයි.

නව රජයේ අපේක්ෂාව වන්නේ විදුලිය ගාස්තු ජනතාවට උපරිම සහනයක් ලැබෙන පරිදි අඩු කිරීම බවත් හෙතෙම කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *