විදුලිය බිඳ වැටීම් පිළිබඳව දැනුම් දීමේදී ඩිජිටල් මාධ්‍යයන් භාවිතා කරන මෙන් ලංකා විදුලිබල මණ්ඩලය සිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.
ඒ අනුව CEBcare ජංගම දුරකථන යෙදවුම, cebcare.ceb.lk වෙබ් අඩවිය, 1987 කෙටි පණිවිඩ සේවාව සහ ස්වයං සේවා IVR පද්ධතිය භාවිතා කළ හැකි බව එම මණ්ඩලය සඳහන් කරයි.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි සම්බන්ධතා බිඳවැටීම් ගණනාවක් වාර්තා වන බැවින් කඩිනම් සේවාවක් සිය පාරිභෝගිකයන්ට ලබාදීම උදෙසා මෙම ඉල්ලීම කරන බවද ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.