ඇල්ලේ දී දිවිපරදුවට තැබූ විශේෂ බලකා වීරයාට මූල්‍ය ප්‍රධාන සහිතව උසස්වීම් ලබා දෙයි

ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල අසල 2025 සැප්තැම්බර් මස 04 දින සන්ධ්‍යාවේ සිදු වූ බස්රථ අනතුරෙන් විපතට පත්වූවන් මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා සහයෝගය දක්වමින් එහි ගමන් ගත් මගීන් තිදෙනෙකු බේරා ගැනීම සඳහා කටයුතු කළ 2 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එම්.වී.එම් බණ්ඩාර කොමිෂන් නොලත් නිලධාරියාගේ එම නිර්භීත ක්‍රියාව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ විසින් 2025 සැප්තැම්බර් මස 16 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ඇගයීමට ලක්කරන ලදී.

රාජකාරියෙන් බැහැරව නිවාඩු ලබාසිටියදී වුවද එම ජීවිත ගලවා ගැනීමේ කටයුතුවල යෙදී සිටියදී ඔහුගේ හිසට බරපතල තුවාල සිදු වුවද ඒ ගැන නොතකා සිදුකරනු ලැබූ එම නිර්භීත ක්‍රියාව අගය කල යුද්ධ හමුදාධිපතිතුමන් ඔහුව කෝප්‍රල් නිලයට උසස් කළ අතර මූල්‍යමය පරිත්‍යාගයක්ද ප්‍රධානය කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *