එම්රේට්ස් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට එක්වන්න ඔබටත් අවස්ථාව ලැබෙයි

ලොව ඉහළ ජනාදරයට පාත්‍ර ජාත්‍යන්තර ගුවන් සේවයක් වන එමිරේට්ස්, සිය කාර්ය මණ්ඩලය සඳහා නව බඳවා ගැනීම් ප්‍රකාශයට පත් කර තිබේ.

එහිදී ශ්‍රී ලංකාවේ සම්මුඛ පරීක්ෂණ 2025 ජනවාරි 07 දින පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව මේ වන විට විවෘත කර ඇත.

අවම වශයෙන් වයස අවුරුදු 21 සම්පූර්ණ කර ඇති, යටත් පිරිසෙයින් සෙ.මී. 160ක උසකින් යුතු මනා පෞරුෂයකින් හෙබි අයගෙන් මේ සඳහා අයදුම්පත් කැඳවා තිබෙන අතර ඉංග්‍රීසි ලිවීමේ හා කියවීමේ ප්‍රවීණත්වයක තිබීම අනිවාර්යය වේ.

මේ සඳහා අයදුම් කිරීමට අදාළ මූලික සුදුසුකම් පහත පරිදි වන අතර පහළින් දක්වා ඇති සබැඳිය ඔස්සේ ඔන්ලයින් මාර්ගයෙන් අයැදුම් කළ හැකිවේ.

ගෝලීය ගමනාන්ත 130කට අධික සංඛ්‍යාවකට ශ්‍රී ලංකාව සම්බන්ධ කරන එමිරේට්ස් ගුවන් සමාගම 1986 වර්ෂයේ සිට මෙරට ගුවන් ගමන් ක්‍රියාත්මක කර ඇත. Boeing 777-300ER වර්ගයේ ගුවන්යානා භාවිත කරමින් කොළඹට දෛනික සෘජු ගුවන් ගමන් දෙකක් මෙන් ම මාලේ හරහා අමතර දෛනික ගුවන් සේවාවක් ද එමිරේට්ස් සපයයි. මගීන්ට උසස් මට්ටමේ සුවපහසුවක් ලබා දෙන එමිරේට්ස් ශ්‍රී ලංකාවට පළමු පන්තියේ ගුවන් සේවා සම්පාදනය කරන එක ම ජාත්‍යන්තර ගුවන් සමාගමයි.

https://www.emiratesgroupcareers.com/cabin-crew/?gad_source=1&gclid=CjwKCAiA6t-6BhA3EiwAltRFGDjc4h9aly8XHz3InPHNO2-zDwhOtJU3LTl1eQ9YNMga_oR6Aa-KfBoCIo4QAvD_BwE

Leave a Reply

Your email address will not be published. Required fields are marked *