එප්පාවල පෝස්පේට් නිධියෙන් සුපර් පොස්පේට් රජය තීරණය කරයි

එප්පාවල පොස්පේට් නිධිය භාවිත කරමින් සිංගල් සුපර් පොස්පේට් නිෂ්පාදනයට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

එම අමාත්‍යාංශය සඳහන් කළේ, දැනට පොස්පේට් නිධිය අමුද්‍රව්‍යක් ලෙස මෙරට පොහොර නිෂ්පාදකයින්ට ලබා දෙන බවය.

වාර්ෂිකව ත්‍රිත්ව සුපර් පොස්පේට් ආනයනය සඳහා රජය වැය කරන මුදල රුපියල් බිලියන 8ක් පමණය.

පොස්පේට් නිධිය ඵලදායීව භාවිත කිරීම තුළින් සිංගල් සුපර් පොස්පේට් රටතුළම නිෂ්පාදනයට අවස්ථාව උදාවන අතරම ඒවා ආනයනය මගින් ද ආදායමක් ලබා ගත හැකි බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඒ අනුව ආයෝජකයෙකු හරහා ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට නියමිතයි.

ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමු කර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

එප්පාවල පොස්පේට් නිධිය අක්කර 500ක් පුරා විසිරි පවති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *