මේ වසරේ අප්‍රේල් මාසයේ ඇඟළුම් අපනයන පසුගිය වසරේ අප්‍රේල් මාසය හා සසදා බැලීමේ දී 15.14 ක වර්ධනයක් පෙන්නුම් කරන බව ඇඟළුම් අපනයනකරුවන්ගේ ඒකාබද්ධ සංසදය නිවේදනය කරයි.
මීට හේතුව, එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය යන අපගේ ප්‍රධාන ගැනුම්කරුවන්ගෙන් ලැබී තිබෙන ඉල්ලුම ඉහළ යාමයි.
පසුගිය අප්‍රේල් මාසය හා සැසදීමේ දී යුරෝපා සංගමයට සිදු කර තිබෙන ඇගළුම් අපනයන 27.04% කින් ඉහළ ගොස් තිබෙන අතර, එක්සත් ජනපදයෙන් ලැබී තිබෙන ඇණැවුම් 6.83% කින් ද, එක්සත් රාජධානියෙන් ලැබී තිබෙන ඇණැවුම් 7.45% කින්ද ඉහළ ගොස් තිබේ.
අනෙකුත් ගමනාන්ත සදහා ලැබී තිබෙන ඇණැවුම් 21.18% කින් ඉහළ ගොස් තිබේ.