දූෂණ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාට අද කොළඹ මහාධිකරණ හමුවේ අධි චෝදනා භාරදීම සිදුවූණා.
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධි චෝදනා කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ භාරදීම සිදුවුණා.
ඉන් අනතුරුව විත්තිකරු රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප 2ක් මත මුදා හරින ලෙස විනිසුරුවරයා නියෝග කළා.
ඉන් අනතුරුව මෙම නඩුව ජුලි මස 22 වැනිදා කැඳවීමටද නියම වුණා.
2014 වර්ෂයේ ජනවාරි 1 වැනිදා සහ 2014 දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලසීමාව තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට සහනදායි මිලට ලබා දීම රජයේ වියදමින් ගෙන්වන ලද බීජ බඩ ඉරිඟු කිලෝ ග්‍රෑම් 36,000 ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්ට බලපෑම් සිදු කරමින් දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් සිය දේශපාලන හිතවතුන් අතර බෙදාදීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.