විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම අනිවාර්යයෙන්ම සිදු කරනවා – චතුරංග අබේසිංහ

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසනවා.

එහිදී, අධිකරණයට අදාළ කරුණු වෙනස් කිරීම සඳහා පමණක් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වන අතර, අනෙකුත් වෙනස්කම් අමාත්‍යාංශ මට්ටමින් සිදු කළ හැකි බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ හා ඔහුගේ පුත්‍රයා සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීමට නීතිඥ සංගමයට හැකි නම්, එයට සතුටු වන බවත්, එයින් සිදු වන්නේ යම් නිශ්චිත පන්තියක් ආරක්ෂා කිරීම ද යන්න ඉදිරියේදී නිරීක්ෂණය කළ හැකි බවයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *