ව්‍යාජ අධ්‍යාපන සහතික සහ කුඨ ලේඛණ ඉදිරිපත් කොට පත්විම් ලබාගත් උතුරු මැද පළාතේ උපාධිධාරි හා පුහුණු ගුරැවරු 14 දෙනකුගේ සේවය අවසන් කළ බව උතුරු මැද ප්‍රධාන අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාතයාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පැවසිය.
පසුගිය 1997 වසරේ සිට උතුරු මැද පළාතේ පාසල්වල සේවය සදහා විටින් විට බදවාගත් උපාධිදාරි හා පුහුණු ගුරුවරුන් 14 දෙනකුගේ සේවය මෙසේ අවසන් කොට තිබේ.
මෙසේ සේවය අවසන් කරන ලද ගුරුවරුන් වසර අටත් වසර විසිපහත් අතර කාලයක් උතුරු මැද පළාතේ පාසල්වල සේවය කොට තිබුණි.
මොවුන් ගුරුවරුන් ලෙස සේවයට බැදෙන අවස්ථාවේදි ඉදිරිපත් කර තිබු අපොස සාමන්‍ය පෙළ,අපොස උසස් පෙළ හා උපාධි සහතික සියල්ල ව්‍යාජ ඒවා බවට තහවුරැ වු බවද ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පැවසිය.
මෙම ගුරුවරුන්ගේ අධ්‍යාපන සහතික හා අනෙකුත් ලේඛණ පරික්ෂා කිරිම සදහා පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් කමිටුවක් පත්කොට තිබුණි.සමහර උපාධිදාරින් ගුරුපත්විම් ලබාගැනිම සදහා විදේශ රටවල විශ්ව විද්‍යාල වලින් පවා අධ්‍යාපනය හැදැරු බවට ව්‍යාජ උපාධි සහතිකද ඉදිරිපත් කොට තිබු බවත් කමිටු වාර්තාවේ සදහන්ය.
මේ තත්වෙට පාසලේ ප්‍රධාන ආචාර්යතුමා සම්පූර්ණයෙන්ම වගකිව යුතුය. නව ගුරුවරුන් බදවා ගැනිමේදි ඔය කියන සියලු සුදුසුකම් පරික්ෂා කර අනුයුක්ත කරගැනිමේ වගකීම ඔහු කල යුතු වන්නේය. එය ජනාධිපතිතුමාටත් අදාලය.කෙනෙකු යම් කාර්යක් සදහා බදවා ගැනිමේදි සහතික පරීක්ෂා කොට බලා මින් ඉදිරියටත් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.