තණමල්විල නගරයේ පිහිටි ප්‍රධාන පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට එම පාසලේම සිසුන් පිරිසක් වරින් වර අපයෝජනය කළ සිද්ධියක් පිළිබඳ තණමල් විල පොලීසිය පරීක්ෂණ පවත්වයි.
තණමල්විල පොලීසියට ලද ලිඛිත තොරතුරක් මත සිදු කළ පරීක්ෂණ වලදී පාසලේදී සහ පාසල අසල නිවසකදී ශිෂ්‍යයන් කිහිප දෙනෙකු ඇය අපයෝජනය කර ඇති අතර ශිෂ්‍යයින් විසිදෙදෙනෙකු පමණ සිද්ධියට සම්බන්ධ බවට මූලික පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත.
සිසුවිය පොලීසිය භාරයට ගෙන වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හම්බන්තොට මූලික රෝහලට ඇතුළත් කොට තිබේ.
සැකකාර සිසුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
වැල්ලවාය පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.