දකුණු පළාතේ ප්‍රථම වතාවට Asus සමාගම විසින් සෘජුවම මෙහෙයවනු ලබන නිල ලැප්ටොප් ප්‍රදර්ශනාගාරයක් (Asus Exclusive Store) එළඹෙන ජූලි මස 02 වන බ්‍රහස්පතින්දා දින ගාල්ලේදී විවෘත කිරීමට කටයුතු සූදානම් කර තිබේ.
මෙම නවතම ප්‍රදර්ශනාගාරය ගාල්ල “Galle City Center” පරිශ්‍රයේ බිම් මහලේදී (Down Floor) එදින උදෑසන 9.30 ට නිල වශයෙන් විවෘත කිරීමට නියමිතය.මෙය වෙනත් අතරමැදි ආයතනවලින් තොරව Asus සමාගම විසින්ම සෘජුවම පරිපාලනය කරනු ලබන ප්‍රදර්ශනාගාරයක් (Direct handled showroom) වන අතර, මෙහි අලෙවි කරනු ලබන්නේ Asus සන්නාමයේ නිල නිෂ්පාදන (Genuine Products) පමණකි.
ගාල්ලේ පිහිටි මෙම නව ප්‍රදර්ශනාගාරයේ නිල නියෝජිතයා (Agent) ලෙස කටයුතු කරමින් එය මෙහෙයවනු ලබන්නේ ‘Sell X computers’ සමාගම විසිනි.මස්ත ශ්‍රී ලංකාව තුළම මෙවැනි මට්ටමේ සුවිශේෂී Asus Exclusive ප්‍රදර්ශනාගාර පිහිටා ඇත්තේ 04 ක් පමණක් වන අතර, ඉන් ශාඛා 02 කම පාලන කටයුතු සිදු කරනු ලබන්නේ ‘Sell X computers’ සමාගම විසින් වීම විශේෂත්වයකි.