ඉතිහාසයේ පළමුවරට මාස 08කදී ඩොලර් බිලියන 12ක අපනයන ආදායමක් වාර්තා කරයි

2026 වර්ෂයේ මුල් මාස 08 තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක සීමාව ඉක්මවා ඇමෙරිකානු ඩොලර් බිලියන 12.01ක් දක්වා ළඟා වී තිබේ. මෙම කාලසීමාව ඉතිහාසයේ මාස 08කදී වාර්තා වූ ඉහළම අපනයන ආදායම ලෙස සලකනු ලබයි.

“මේ තමයි පළවෙනි අවස්ථාව මාස 8කදී මෙහෙම ආදායමක් ලබපු,” යැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *