විදෙස් කත තමන් ප්‍රතිකාර ලැබූ රෝහලට දැඩි සත්කාර ඇදක් පරිත්‍යාග කරයි

 ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන අතරතුර හදිසියේ ඇති වූ හෘද රෝගයක්  හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කල ඇමරිකානු ජාතික කාන්තාවක් සුවය ලැබීමෙන් අනතුරුව තමන් ප්‍රතිකාර ලැබූ වාට්ටුව සඳහා අවශ්‍ය මිලියනයක් පමණ වටිනා නවීන දැඩිසත්කාර ඒකක ඇඳන් හතරක් රෝහල වෙත පරිත්‍යාග කිරීම පෙරේදා (06) පස්වරුවේ  සිදු කෙරිණ .

ඇමෙරිකානු ජාතික Jane Japsen වන කාන්තාව විසින් අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පුබුදු රණවිර මහතා වෙත මෙම ඇඳන් භාරදීම සිදුකෙරුණු අතර හෘද රෝග ඒකකයේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලයද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී එම කාන්තාව විසින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ඇතුළු නිලධාරින් සිදුකළ වෛද්‍ය සේවාව පිළිබඳව ඇගයීමක්ද සිදු කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *