කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු මට්ටමේ පහළ යාමක් වාර්තා විය.
එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 47.81කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 25.87 කින් පහළ යන ලදී.
ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,246.22 ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 3,614.78 ක් ලෙසත් සටහන්ව තිබුණි.
අද දින දෛනික ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 1.45 ක් ලෙසින් වාර්තා වූ අතර එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 1.24 ක් හා දේශීය විකිණුම් රු. මිලියන 1.39 ක් ලෙසින් සටහන් විය.
අද දිනයේ දී කැපීපෙනෙන කරුණක් වූයේ රු. මිලියන 216 ක විදේශීය මිල දී ගැනීම් වාර්තා වී තිබීමයි. විදේශීය විකිණුම් රු. මිලියන 62 කි. මෙලෙස ශුද්ධ විදේශීය මිල දී ගැනීම් ප්‍රමාණයක් වාර්තා වූ අඛණ්ඩ සිව්වැනි දිනය ලෙසින් අද දිනය දැක්විය හැකිය.