ශිරාන් බාසික් ගැන විමර්ශනවලට අදාළව හිටපු ඇමති අරුන්දික ප්‍රනාන්දු මධ්‍යම අපරාධ කාර්යාංශයට කැදවයි

විදෙස් ගතව සිට මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන ශිරාන් බාසික් සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන අරුන්දික ප‍්‍රනාන්දුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කැඳවා තිබෙනවා.

මේ වන විට හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *