හිටපු ජනපති රනිල් වැඩ අරඹයි

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී සහ කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී අද (3) නව වසරේ වැඩ ඇරැඹීය. 

එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,සභාපති වජිර අබේවර්ධන මහත්වරු ප්‍රමුඛ එජාප නිලධාරීහුද හිටපු සහ වත්මන් රාජ්‍ය නිලධාරීහුද පාක්ෂිකයෝද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

මෙහිදී හිටපු ජනාධිපතිවරයා සාම්ප්‍රදායික පොල්තෙල් පහන් දැල්වීමෙන් අනතුරුව කැවුම් කිරිබත් සංග්‍රහයකටද සහභාගී විය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙසතියක ඉන්දීය සංචාරයකින් අනතුරුව ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *