හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද නිතීය වෙනස් කර හෝ ඉවත් කරනවා – ජනපති අනුර


හිටපු ජනපතිවරුන්ට වරප්‍රසාද හිමිවන නීතිය වුවද, වෙනස් කිරීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ, කුරුණෑගල ඊයේ (08) දින පැවති ජන රැළියකට එක්වෙමින්.

ඔහු කියා සිටියේ, වංචාවෙන් සහ දූෂණයෙන් තොර රටක් ගොඩනගන බවයි.

ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ දේශපාලන බලය තාත්තාගෙන් පුතාට බාප්පාගෙන් පුතාට මාමාගෙන් බෑනාට මේ වගේ බලය බෙදීමේ ක්‍රමයක් තිබු බවයි.

දැන් සමහරු කොට්ටේ බදාගෙන අඩනවත් ඇති බලය නැති වුණේ කොහොමද කියා හිතාගන්න බැරි නිසාා යැයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

ආපහු වේදිකාවට ඇවිල්ලා යළි බලය ලබා ගැනීමට කකුල් වෙට්ටුදාලා ගන්න පුළුවන් වෙයි කියලා කල්පනා කරන බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

මේ ආණ්ඩුව රට හදලා මිසක් යළි හරවන්න මොන ජගතෙක්ටවත් බැරි බව මතක තියා ගන්න ලෙස ඔහු කියා සිටියා.

රැස්වීම් තියන්න, ඡන්දය මුහුණ දෙන්න අයිතිය තහවුරු කර ඇති නමුත් ඒ අය රැස්වීම් තියන්නේ නැති වුනාට තමාට කරන්නට දෙයක් නොමැති බව ජනාධිපතිවරයා පවසනවා.

ඒ ආකාරයට රැස්වීම් තියන්න බැරි අයට යළි ලංකාවේ මැතිවරණ චණ්ඩින්ඩ බාර නොදීමට දෙන්න අවස්ථාව උදා කළ යුතු බවත් පාර්ලිමේන්තුව පුරවන්න ඕන මාලිමාවේ අයගෙන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *