ක්‍රිෂ් නඩුවට හෙට නාමල් උසාවි ගෙන්න – කොටුව මහේස්ත්‍රාත් බන්ධනාගාරයට නියෝග කරයි

ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්’ ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ හතරවැනි සැකකරු ලෙස නම් කරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ
හෙට (29) දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (28) බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා.

මෙම සිද්ධියට අදාලව නාමල් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කරන බව අල්ලස් කොමිසම මෝසමක් මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණට කරුණු වාර්තා කිරිමෙන් අනතුරුව ⁣මෙලෙස නියෝග කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *