ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන කොටුව දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු හෙට (09) පෙරවරු 09 ට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට කටයුතු සංවිධානය කර ඇත.