මෙරට හිටපු ජනප්‍රිය හාස්‍ය රංගන ශිල්පියෙකු වූ ෆ්‍රෙඩී සිල්වා මහතාගේ බිරිඳ වන රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
ඇය පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන (16) මියගිය බව පවුලේ ඥාතීන් පැවසීය.
මානෙල් චන්ද්‍රලතා අභාවප්‍රාප්ත වන විට 68 වන වියේ පසුවූවාය.
දේහය මේ වන විට ගල්කිස්ස ප්‍රදේශයේ පෙ$ද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇත. දේහය පිළිබද අවසන් කටයුතු අනිද්දා (18) ගල්කිස්ස සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
ජය සිකුරු චිත්‍රපටියෙන් සිනමා ගමන අරඹන ඇය ඉන් පසු චන්ඩියාගේත් චණ්ඩියා ,නැව ගිලුණත් බෑන් චූන්, නොම්මර 17, රන්දෙණිගල සිංහයා, යුක්තියට වැඩ, වලව්වේ හාමු ,ජය කොතනද, සේයා, ඩොක්ට නවරියන්, කොලොම්පූර්, ඔක්කොම හොඳටයි. ජීවන් මල්ලි, අලිබබා සහ හොරු හතළිහ, හෙලෝ මයි ඩාලින් වැනි චිත්‍රපට 58 කට පමණ රංගනයෙන් දායක වී තිබේ.