හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිකුරාදා (22) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට කඳවනු ලැබ ලැබේ. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති සමයේ ගිය විදේශ සංචාරයක් පිළිබඳව කෙරෙන විමර්ශනයක් සඳහා මෙම කැඳවීම කර තිබෙන බව සඳහන්ය.
වික්‍රමසිංහ මහතා ජනාධිපති සමයේ ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ සමන් ඒකනායක මහතාගෙන්ද පෞද්ගලික සහකාර සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන්ද අදාළ කාරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ සටහන් කර ගත්තේය.
රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක් නුවර නිල සංචාරයකට ගොස් එන අනතුර ලන්ඩනයේ විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා එංගලන්තයට යාම සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය සිදු කෙරෙයි.