අද මධ්‍යම රාත්‍රියේ සිට දැවිතෙල් සහ නැප්තා මිල ගණන් පහළ දමයි – විදුලි බිල අඩු කිරිමේ සහනය ඉදිරියේදී

දැවි තෙල් සහ නැප්තා මිල හෙට (05) සිට අඩු කරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කරනවා.

ඒ අනුව දැවි තෙල් ලීටරයක් රුපියල් 38 කින්ද, නැප්තා ලීටරයක් රුපියල් 35කින්ද අඩුවන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ  කළමණාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා පවසනවා.

ඒ අනුව දැවිතෙල් ලීටරයක මිල රුපියල් 248 සිට රුපියල් 210ක් දක්වා අඩුවනවා.

මේ අතර දැවිතෙල් හා නැප්තා අඩු වීම සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී එම සහනය ජනතාවට ලබා දීමට කටයුතු කරන බවයි විදුලිබල සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසුවේ.

ඔහු පැවසුවේ ඉදිරි විදුලි බිල සංශෝධනයේදී, එම සහනය ජනතාවට ලබා දීමට කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *