දරුණු ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව නැවත ගොඩනැංවීමේ කටයුතු සඳහා මේ වන විට රටවල් 33කින් මුදල් ආධාර ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කර තිබේ.
අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ලේකම්වරයා සඳහන් කළේ, සමස්ත ආධාර ප්‍රමාණය රුපියල් මිලියන 700කට (රු. 700,000,000) ආසන්න බවයි.