ගල්ගමුවේදී මාධ්‍යවේදීයා අයිෆෝන් එක අලියාගේ කටට දමයි


වෙරි මතින් මත්ව සිටි ඇත් ගොව්වෙක් මාධ්‍ය වේදියෙකුගේ දුරකතනයක් උඳුරා ගනිමින් ඇතාගේ මුඛයට දමා තිබෙනවා.

ගල්ගමුව නගරයේ වාර්ෂිකව පැවැත්වෙන මිහිඳු පෙරහැර අතරතුරදීයි මෙම සිදුවීම සිදුව ඇත්තේ.

උත්සවය වීදි සංචාරය කරද්දී බීමතින් සිටි ඇත්ගොව්වා පෙරහැර ආවරණය කරමින් සිටි ප්‍රාදේශීය මාධ්‍ය වේදියෙකුගේ ජංගම දුරකථනයක් උඳුරාගෙන ඇතාගේ මුඛයට දමා තිබෙනවා.

ඇපල් අයිෆෝන් වර්ගයේ දුරකථයක් වූ මෙය ඇතා විසින් ඉවතට දමා ඇති අතර එය බිමට වැටී විනාශ වී තිබෙනවා.

මෙම දුරකථනයේ වටිනාකක රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වන අතර මේ සම්බන්ධව ජනමාධ්‍යවේදියා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇති අතර ඇත්ගොව්වාද එදිනම රාත්‍රියේ හස්තියා රැගෙන පලා ගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *