ශත 18ක් නොගෙව්වාට විදුලිය විසන්ධි කළ ගාල්ලේ නිවසට යළි විදුලිය දෙයි

ශත දහඅටක හිඟ මුදලක් නොගෙවීම හේතුවෙන් ගාල්ල කන්දවත්තේ ප්‍රදේශයක නිවසක විදුලිය විසන්ධි කිරීමේ පුවතක් වාර්තා වේ.

නිවසේ හිමිකරු සදහන් කළේ රුපියල් 1,232 ශත 18ක මුදලක් විදුලි බිලට ගෙවීමට තිබූ බැවින් එය පසුගිය දිනක තමන් ලංකා විදුලි පෞද්ගලික සමාගම වෙත ගෙවූ බවයි.

ශත 18ක මුදල ගෙවීමට ඉතිරි වී ඇති අතර ඒ පිළිබඳව ඔහු සමාගමෙන් විමසා තිබෙනවා.

එහිදී අදාළ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ සත 18ට විදුලිය විසන්ධි නොකරන බවයි.

කෙසේ වෙතත් මීට දින 4කට පමණ පෙර තමන් නිවසේ නොසිටි අවස්ථාවේ විදුලිය විසන්ධි කර ඇති බවට ඔහු චෝදනා කළා.

මේ සම්බන්ධයෙන‍ෙ ලංකා විදුලි පෞද්ගලික සමාගමේ ගාල්ල ශාඛාවෙන් විමසීමක් කළ අතර එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ කිසියම් අතපසුවීමක් සිදුවී ඇති බැවින් ගාස්තුවක් අයනොකර යළි විදුලිය සැපයීම ලබා දීමට පියවර ගත් බවයි.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය නව තාක්ෂණයට අනුගතවෙමින් විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි බිල්පත් ගෙවීමට නව ක්‍රමවේදයන් හදුන්වා දී තිබෙනවා.

ඒ අනුව අන්තර්ජාල බැංකු සේවා මගින්, විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවිය ඔස්සේ සහ විදුලිබල මණ්ඩලය විසින් හදුන්වාදී ඇති ජංගම දුරකථන යෙදවුම මගින් විදුලිබිල ගෙවිය හැකි බවයි එම මණ්ඩලය කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *