ගම්මන්පිල එළියට දැමූ රහස් වාර්තාවේත් ඊයේ රේගුවෙන් කියූ දේට වඩා වැඩි යමක් නොමැති බව හෙළි වෙයි

ආන්දෝලනාත්මක බහාලුම් ලයිස්තුව ලෙස සොයා ගනු ලැබූ බහාලුම් ලයිස්තුවක් උදය ගම්මන්පිල ඔහුගේ වෙබ් අඩවියට මුදා හැර තිබේ.

එම ලයිස්තුවේ සබැදිය පහත එක්කර තිබේ.

එම ලයිස්තුව පරීක්ෂා කිරීමේ දී පෙනී යන්නේ ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ විසින් එම බහාලුම්වල තිබෙන දෑ පිළිබදව සාරාංශ කොට දක්වන අදහස හා ගම්මන්පිල විසින් මුදා හැර තිබෙන ලයිස්තුව අතර බැලූ බැල්මට වෙනසක් නැති බවයි.

කෙසේ වෙතත්, එය තීරණය කිරීමේ අයිතිය පාඨක ඔබට හිමි වේ.

අපගේ වගකීම අදාල ලයිස්තුව අපගේ පාඨකයක් වෙනුවෙන් මෙහි ප්‍රසිද්ධියට පත් කිරීම පමණි.

https://www.flipbookpdf.net/web/site/d04988b20d5af7db9242d2054d8404f1146968a5202506.pdf.html?fbclid=IwY2xjawKzhzdleHRuA2FlbQIxMABicmlkETFQcDNMQUpqOEFRckF3bWpYAR4bvAjotDdc__-LqVP8pFZI4i2NHqfflxGbFuWt_p2EBh48Qv4mgXpskTbTRQ_aem_H6kfJZR6iXNiqqM7vsW8NA#page/1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *