2022 වසරේදී ඉන්ධන සඳහා QR ක්රමය හඳුන්වා දුන්නේ ‘යුද්ධ තුනකට මැදිව සිටියදී’ බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල පවසනවා.
අද ඉන්ධන මිල වැඩි කර QR ක්රමය හඳුන්වා දී ඇත්තේ එක යුද්ධයක් නිසා බවත්, 2022 වසරේ මෙය හඳුන්වා දීමේදී යුද්ධ තුනක් තිබුණු බවත් ඔහු සඳහන් කළා.
ඒ අනුව යුක්රේන – රුසියා යුද්ධය, ගාසා තීරයේ යුද්ධය සමග, ශ්රී ලංකාව විදේශ විනිමය අර්බුද යුද්ධයකට ද මුහුණ දී සිටි බවයි හිටපු මන්ත්රීවරයා වැඩිදුරටත් ප්රකාශ කර සිටියේ.