පාස්කු- ප්‍රහාරය පිළිබදව සොයා බැලීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු-වට ලබා දීම නොකළ යුතු දෙයක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.
කොමිසම නිර්දේශ කර තිබුණේ, එහි අවසන් වාර්තාව නීතිපතිවරයාට පමණක් ලබා දෙන ලෙසය. එසේ තිබිය දී සියළු රහස් සහිත අවසන් වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීම මගින් ජනාධිපති අනුර ක-ුමාර දිසානායක මහතා කර තිබෙන්නේ කොමිසමේ නිර්දේශ නොතකා හැරීමක් බව ඔහු පවසයි.
එමෙන්ම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ප්‍රධාන නිළධාරින් දෙදෙනා වන ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න යන අයට එරෙහිව ද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන පසුබිමක එකී වාර්තාව ඔවුන් දෙදෙනා යටතේ පවතින දෙපාර්තමේන්තුවට යොමු නොකළ යුතුව තිබුණු බව ගම්මන්පිලගේ අදහසයි.