ශ්‍රි ලංකාවේ මන්ත්‍රී මොහමඩ් හිස්බුල්ලා ඝානාවේදී ඩොලර් මිලියන 02ක වංචාවක – ඝානා මාධ්‍යය වාර්තා කරයි

ඇමරිකානු ඩොලර් මිලියන 2 ක ව්‍යාජ රත්‍රන් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය මුහම්මද් හිස්බුල්ලා මහතා වංචා කිරීමට තැත් කළ බවට චෝදනා ලැබ සිටින පුද්ගලයන් 11 දෙනෙකුට ඝානාවේ අක්රා (Accra) අධිකරණය විසින් ඇප නියම කර තිබේ.

ඝානා මාධ්‍ය වාර්තා අනුව මෙම පුවත තහවුරු වී ඇත.

නඩු පැමිණිල්ල අධිකරණයට දැනුම් දුන්නේ, ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හිස්බුල්ලා මහතාව විශාල රත්‍රන් තොගයක් සැපයිය හැකි බව පවසා වංචා කිරීමට සැකකරුවන් 2023 වසරේදී කුමන්ත්‍රණය කර ඇති බවයි.

මුදල් ලබා ගැනීමෙන් පසු ඔවුන් රත්‍රන් සැපයීමට අසමත් වී ඇති බවත්, පසුව කිලෝග්‍රෑම් 50 ක රත්‍රන් තොගයක් ලබා දීමට අවබෝධතා ගිවිසුමක් (MOU) සමඟ නැවත මන්ත්‍රීවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කර ඇති බවත් පැමිණිල්ල සඳහන් කළේය.

චෝදනා ලැබූ සියලුම දෙනා නොවැම්බර් 20 වන දින නැවත අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *