අහන අහන ප්‍රශ්නයට ගෝඨාභය රාජපක්ෂ අධිකරණයේදි මතක නෑ කියයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2011 වසරේ යාපනයේදී ලලිත් සහ කුගන් අතුරුදන් වීමේ සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂි ලබා දෙමින්, තමන්ට ඒ පිළිබඳව කිසිවක් මතක නොමැති බව ප්‍රකාශ කර තිබේ.

අද (2026 සැප්තැම්බර් 29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ස්ථාපිත කර ඇති සන්නිවේදන පද්ධතිය ඔස්සේ යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් හමුවේ ඔන්ලයින් (Online) ක්‍රමයට සාක්ෂි ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

අතුරුදන් වූ ලලිත් කුමාර් වීරරාජු සහ කුගන් මුරුගානන්දන් යන ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් සහ එකල ආරක්ෂක ලේකම්වරයා ලෙස ඔහු දැරූ වගකීම් පිළිබඳව හරස් ප්‍රශ්න නැගූ අවස්ථාවේදී, තමන්ට ඒ කිසිවක් මතක නොමැති බව (I don’t remember) ඔහු නැවත නැවතත් පවසා ඇත.

2026 නොවැම්බර් 27 වනදා දක්වා කල් තැබීමට යාපනය මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *