ලෝකයේ කිසිදු රටක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) හරහා ගොස් ස්ථාවර ආර්ථිකයක් ගොඩනඟාගෙන නොමැති බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය මුල් කාලයේදී IMF වෙත නොයෑමට තීරණය කළේ එම සැබෑ අවදානම වටහාගෙන සිටි නිසා බවත් ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
IMF වැඩපිළිවෙළ පවතින තාක්කල් රටක් තාවකාලිකව දිව ගියද, එය අවසන් වූ සැනින් එම රටවල් නැවතත් ආර්ථික වශයෙන් ඇද වැටෙන බව ඔහු පෙන්වා දෙයි.