‘ඕන කෙනකුට කියලා කරගනින්’,OICට පාට් දමා පීසී ගෙදර යයි – රාජකාරිය පසෙක දමා වීඩියෝ බලමින් ඉඳලා

ගොතටුව පොලිස්‌ ස්ථානයේ ආධුනික පොලිස් කොස්තාපල්වරයකු සිය ජංගම දුරකතනයෙන් වීඩියෝවක් නරඹමින් රාජකාරියේ යෙදීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා කරුණු විමසා අවවාද කළ අවස්ථාවේ ඔහු ස්ථානාධිපතිවරයාට අසභ්‍ය වචනයෙන් බැන වැදී පොලිස් ස්ථානයෙන් පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මෙම ආධුනික කොස්තාපල්වරයා පොලිස්‌ ස්ථානයේ තනිකඩ බට නිවෙසට ගොස් පොලිස් නිල ඇඳුම් ගලවා දමා සාමාන්‍ය ඇඳුමෙන් සැරසී නිල ඇඳුම් සහ පොලිස් නිල හැදුනුම් පත ද රැගෙන ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

ගොතටුව පොලිස් ස්ථානයේ දුරකතන ක්‍රියාකරු ලෙස මෙම ආධුනික කොස්තාපල්වරයා පෙරේදා දුරකතන ක්‍රියාකරු ලෙස රාජකාරියේ යොදවා සිටිය අතරවාරයේ සිය ජංගම දුරකතනයෙන් වීඩියෝවක් නරඹමින් සිට ඇතැයි කියති.

රාජකාරියේ යෙදී සිටි සෙසු පොලිස් නිලධාරීන්ගේ සහ නිලධාරිනියන්ගේ රාජකාරියට මෙය බාධාවක් වන බව කියමින් පාලන අංශයේ රාජකාරී කරන පොලිස් නිලධාරිනියක මේ බව පොලිස් ස්ථානාධිපතිවරයාට පැමිණිලි කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *