ශ්‍රි ලංකා තැපෑල කාර්යක්ෂම සහ වේගවත් සේවාවක් බවට පත් කරයි

නව්‍යකරණය වූ කාර්යක්ෂම, විශ්වාසනීය තැපැල් සේවාවක් ගොඩනැගීමට රජය සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව කිවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කොළඹ ශ්‍රී ලංකා තැපැල් මූලස්ථානයේ වත්මන් සේවා කටයුතු සහ ඉදිරි සැලසුම් නිරීක්ෂණයට ලක් කිරීමටත්, සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ දී තැපැල් සේවයේ සියළු වෘත්තීය සමිති නියෝජිතයින් හමුවෙමින් ඔවුන්ගේ වෘත්තීය ගැටළු සාකච්ඡා කිරීමටත්  එක්වෙමිනි.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නිසි අරමුණකින්, සැලසුම් සහගතව කටයුතු කරන බව පෙනී යන බවත්, රජයේ අරමුණ පවතින ගැටළු නිරාකරණය කර ගනිමින් මෙම ‌ ඓතිහාසික සේවාව ජාතික සේවාවක් ලෙස නවීකරණය කර පවත්වා‌ගෙන යාම බව ද පැවසීය. 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *