මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය ඉඩ දෙයි – වෙසක් දිනය වෙනස් කරයි

වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව  අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය.

ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ජනාධිපතිවරයාට සන්දේශයක් යවමින් වෙසක් පුන් පොහෝය මැයි 1 වැනි දිනට නොව මැයි 30 වැනි දිනට  යොදා ගන්නැයි  කළ ඉල්ලීමක් කිරීම ගැන  කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්  ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීයා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *