ලබන අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප ඉහළට

නව ආණ්ඩුව විසින් ලබන වසර (2025) සඳහා ඉදිරිපත් කරන අයවැය ලේඛනයෙන් නව ක්‍රමවේදයකට අනුව රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

පසුගිය රජයේ රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමේ තීරණය එලෙසම පිළිනොගෙන එය යළි අධ්‍යයනය කර සුදුසු වැටුප් වැඩිකිරීමේ ක්‍රමවේදයක් පිළිබඳ අලුතින් තීරණයක් ගැනීමට නව රජයේ අවධානය යොමුව ඇති බවද සඳහන්ය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මහ මැතිවරණය නිසා ආණ්ඩුව ලබන නොවැම්බර් මාසයේදී අයවැයක් වෙනුවට මාස තුනක අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට නියමිත අතර ලබන වසර (2025) මුලදී එම අතුරු සම්මත ගිණුමේ මාස තුනේ වියදම්ද ඇතුළත් කර අයවැය ලේඛනය (2025) ඉදිරිපත් වනු ඇතැයි ද වාර්තා වේ.

එසේම පසුගිය රජයේ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ තීරණයට මුදල් අමාත්‍යාංශයෙන් කිසිදු නිරීක්ෂණයක් කැඳවා නොමැති බවද කැබිනට් ප්‍රකාශක විජිත හේරත් ඇමැතිවරයා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *