5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ බරපතළ ගැටලුව විසඳීමට සහ විභාගය නැවත නව කාලසටහනකට සකස් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටිනවා.
අනාගතයේ දී මෙවැනි සිදුවීම් වැළැක්වීමට දැඩි පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ.
එමෙන්ම ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර පිටවීම ඉතා කනගාටුදායක සිදුවීමක් බවත්, මේ නිසා සිසුන් සහ දෙමාපියන් යන පාර්ශ්ව දෙකම ඉතා කලකිරීමට පත්ව තිබෙන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.