හකුරු බෑයේ හැකරැල්ලෙක් හමු වෙයි – නිෂ්පාදකයා ඕක ගණන් ගන්න එපා කියයි

කොටිකාවත්ත ප්‍රදේශයේ වෙළෙඳසලකින් අලෙවි කරන ලද හකුරු බෑවක් තුළ මිය ගිය හැකැරැල්ලකු සිටීම නිසා හකුරු බෑය මිලදී ගත් කාන්තාව එය නැවත වෙළෙඳසලට භාරදී ඇත.

මෙම හකුරු නිෂ්පාදනය කර ඇත්තේ හංවැල්ල, තුන්තාන, කෝන්ගහවත්ත ලිපිනයේ පිහිටි රස කැවිලි නිෂ්පාදන ආයතනයක් විසිනි.

මියගිය හැකැරැල්ලෙකු හකුරු බෑය තුළ සිටින බව වෙළෙඳසල් හිමියා විසින් අදාළ නිෂ්පාදකයාට දැනුම්දී ඇති අතර, ඔහු පවසා ඇත්තේ “ඕක ගණන් ගන්න එපා. විසි කරලා දාන්න.“ යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *