හම්බන්තොට වරායට නව ග්‍රැන්ටි දොඹකර මිල දී ගැනීමට ඩොලර් මිලියන 108ක ආයෝජනයක් අත්සන් තබයි

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) නව බහාලුම් හැසිරවීමේ යන්ත්‍ර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 108ක ආයෝජනයක් සිදු කිරීමට අදාලව ගිවිසුමකට අත්සන් තබා ඇත.

එමඟින් හම්බන්තොට වරායේ ධාරිතාව සැලකිය යුතු ලෙස පුළුල් වන අතර ඉන්දියානු සාගර කලාපයේ වර්ධනය වන සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ස්ථානය ශක්තිමත් කිරීමට ද ඒ හරහා බලාපොරොත්තු වේ.

මෙම ආයෝජනය යටතේ නව quay cranes, rubber-tyred gantry cranes (RTGs) සහ ට්‍රේලර් හඳුන්වා දීමට නියමිත අතර, එමඟින් ලෝකයේ විශාලතම කන්ටේනර් නෞකා හැසිරවීමේ හැකියාව හම්බන්තොට වරායට හිමි වනු ඇත.

ඒ හරහා කාර්යක්ෂමතාවය වැඩිදියුණු කරගනිමින් වඩාත් තිරසාර, විද්‍යුත් මෙහෙයුම් වෙත යොමු වීමට ඔවුන් අපේක්ෂා කරයි.

මෙම ව්‍යාප්තිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වූ පසු, වරායේ ධාරිතාව TEU මිලියන 2ක් දක්වා ඉහළ යන බවට අපේක්ෂා කරන අතර ඒ හරහා එකවර විශාල නෞකා කිහිපයකට සේවා සැපයීමට හැකි වීමත් ඉහළ යන ගෝලීය ඉල්ලුමට පිළිතුරු ලබා දීමටත් හැකි වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *