ඩොලරයට සාපේක්ෂව බඩු මිල අඩුවට දෙන්න සැලසුමක් හදනවා – අගමැති හරිනි කියයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ වාසිය පාරිභෝගිකයාට කඩිනමින් ලබා දීමේ නව වැඩපිළිවෙළක් සකස් කරන බව වෙළඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍යංශය පවසයි.

විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ඒ සම්බන්ධයෙන් ඊයේ (03) පැවති සාකච්ඡාවකදී උපදෙස් ලබාදුන් බව එම අමාත්‍යංශය පවසයි.

ඒ අනුව වෙළඳ පොළේ මිළ ගණන් සමාලෝචනය කර එහි මිල පරාසයන් පිළිබඳව විශ්ලේෂණයක් සිදුකිරීමට නියමිතයි.

ආහාර ආනයන කරුවන් සහ නිෂ්පාදකයින් කැඳවා මිල අඩුකිරීමෙ අවශ්‍යතාව පිළිබඳව කරුණු සහිතව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට නොලැබෙන බව මේවන විට හෙලිවී ඇතිබව එම අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ඉදිරි සති දෙක තුළ ආහාර මිල ගණන් ඇතුළු නිෂ්පාදන මිළ ගණන් අඩුකිරීමේ වැඩපිළිවෙළ ප්‍රකාශයට පත්කරන බව වැඩිදුරටත් එම අමාත්‍යංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *