පාස්කු නඩුවේ නව කරුණු ඉදිරිපත් කිරීමට පූජිත් ජයසුන්දර කළ ඉල්ලීම මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා යටතේ ගොනුකර තිබෙන නඩුවේදී, විත්ති කූඩුවේ සිට තමන් සිදුකළ ප්‍රකාශයට අලුතින් කරුණු එක් කිරීමට අවසර දෙන ලෙස හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කළ ඉල්ලීම කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (24) ප්‍රතික්ෂේප කළේය.

මෙම නියෝගය ලබා දුන්නේ ප්‍රියන්ත ලියනගේ මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් බව වාර්තාකරු පැවසීය.

මෙම නඩුවේ විත්තියේ සාක්ෂිකරුවන් වශයෙන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සහ නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන මහත්වරු ද අධිකරණය හමුවේ පෙනී සිටියහ.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව යටතේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *