කීප වතාවක් මැරී ඉපදී මහාමාර්ග අමාත්‍ය ධූරය භාර ගත්තත්, අධිවේදී මාර්ග සෑදීම සදහා ගෙන තිබෙන විදේශ ණය ගෙවා දැමීමට නොහැකි බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා තිබේ.
අධිවේගී මාර්ග ඉදිකිරීම සදහා ලබාගෙන ඇති සමස්ත විදේශ ණයවල වටිනාකම රුපියල් වලින් ගත් විට රුපියල් බිලියන 800 කි.
අධිවේගී මාර්ග පද්ධතියෙන් වාර්ෂිකව රජය උපයනු ලබන්නේ රුපියල් බිලියන 5 ක පමණ ආදායමකි.
ඒ අනුව, අධිවේගී මාර්ග ඉදිකිරීම සදහා ලබාගෙන ඇති විදේශ ණය ගෙවා අවසන් කිරීමට අවම වශයෙන් වසර 160 ක් ගත වේ.
එනම්, තමා දෙපාරක් මැරී ඉපදී ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ධූරය භාරගත්තත් ගෙවා දැමීම දුෂ්කර තරම් විශාල ණය මුදලක් අධිවේගී මාර්ග ඉදිකිරීම සදහා ලබාගෙන ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.