මෑතක දී ප්රතිසංස්කරණය කර, තරු පහේ සිට තරු හතේ පන්තිය දක්වා ඉහළ දමන ලද හිල්ටන් හෝටලය, ඩොලර් මිලිනය 41.5 ක මිලකට විකුණා දැමීමට රජය සූදානම් වන බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා චෝදනා කරයි.
හිල්ටන් හෝටලය කාමර 300 කින් සමන්විත වන අතර හෝටලයට අක්කර හත හමාරක භූමි ප්රමාණයක් අයත් ය.
මෙය සීයට සීයක්ම රජය සතු දේපළකි.
හිල්ටන් හෝටලය විකිණීමේ යෝජනාව කලකට පෙර සිටම ඉදිරිපත් ව තිබුණු අතර, පසුගිය වසරේ දී හෝටලයේ වටිනාකම ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 124 ක් ලෙස තක්සේරු කරන ලදී.
නැවත මේ වසරේ දී ද හෝටලයේ වටිනාකම තක්සේරු කර තිබෙන අතර, එය පසුගිය වසරේ තක්සේරු කර තිබුණු මිල වූ ඩොලර් මිලියන 124 සිට ඇමරිකානු ඩොලර් මිලියන 55 දක්වා පහත හෙලා තිබේ.
නවතම තක්සේරු මිල ඩොලර් මිලියන 55 දක්වා අඩු කර තිබෙන අතර, හිල්ටන් හෝටලය විකිණීමට සූදානම් වන්නේ ඊටත් වඩා අඩු මිලක් වන ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 41.5 ක මිලකට යි.
මෙය ඉතා දූෂිත ගණුදෙනුවක් බවට චෝදනා කරන වසන්ත සමරසිංහ මහතා, ඡන්දය සදහා මුදල් හොයා ගැනීමේ අරමුණෙන් ආණ්ඩුවේ ඉහළම බලාධිකාරයේ මැදිහත් වීමක් මෙම ගනුදෙනුව පිටුපස සිටින බවටද චෝදනා කරයි.