හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොළඹ මහාධිකරණය විසින් වසර තුනක සිර දඬුවමක් අද නියම කළේය.
ඒ පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා දහ අටකට වරදකරු කිරීමෙන් පසුවයි.
2018 වසරේ දෙසැම්බරයේදී දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයකු පැහැරගෙන යෑම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසකට නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු ඉදිරිපත් කර තිබිණි.
මෙම නඩුව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි සෙසු සැකකරුවන් අට දෙනකු අධිකරණය හමුවේ වරද මීට පෙර පිළිගෙන තිබිණි.
අධිකරණයේ අද දිනයේ ලබා දුන් මෙම තීන්දුවත් සමග හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමේ අවස්ථාව අහිමිවීමේ ඉතා ඉහළ ඉඩකඩක් ඇත.