HMPV වෛරස් රෝග ලක්ෂණ පරික්ෂාවට රට පුරා ස්ථාන 20ක් – සෞඛ්‍ය ඇමැති

චීනයේ ව්‍යප්ත වන එච්එම්පීවී වෛරස් රෝගය සම්බන්ධයෙන් ඉතා සුපරික්ෂාවෙන් පසුවන බවත් එවැනි රෝගියකු හමුවුවහොත් ඒ පිළිබඳ රට දැනුවත් කරන බවත් සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09දා) පැවසීය.

එම රෝග ලක්ෂණ තිබේ දැයි සොයා බැලීමට රට තුළ ස්ථාන 20ක් පිහිටුවා ඇති අතර එම රෝගය වැනි රෝග ලක්‍ෂණ සහිත රෝගියකුගේ වෛද්‍ය වාර්තාවෙන් ඔහු එම වෛරස් ආසාදිතයකු නොවන බවට තහවුරු වූ බවද කීය.

වසංගත රෝග විද්‍යා අංශය නිරන්තරයෙන් නව වෛරසය සම්බන්ධයෙන් වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත සපයමින් සිටින බවද ඇමැතිවරයා කීය. විශේෂඥ වෛද්‍ය නීලිකා මලවිගේ මහත්මිය විසින් කරන ලද ප්‍රකාශයක් උපුටා දක්වමින් ඇතැම් මාධ්‍ය මෙරටට එම වෛරසය ඇතුළු වී ඇතැයි ප්‍රවෘත්ති ප්‍රචාරය කළද ඒවා අසත්‍ය යැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *