මත්පැන් හල් සහ මස්කඩ නැතිව හෝමාගම නගරය මේ දක්වා අභිමානයෙන් පැවැති නමුත් මත්පැන් අලෙවිහලක් ආරම්භ කිරීමත් සමඟ එම අභිමානය අහිමි වී ගොස් තිබෙන බවත් මේ පිළිබඳ ප්‍රදේශයේ මහා සංඝරත්නය දැඩි විරෝධය පළ කරන බවත් හෝමාගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති මාදෝවිට වජිර බුද්ධි නාහිමියෝ පෙන්වාදෙති.
හෝමාගම නගරයට ආසන්නයේ විදේශීය මත්පැන් හලක් ආරම්භ කිරීම අපරාධවලට අත වැනීමක් බව ද උන් වහන්සේ සඳහන් කරති.
අනාගත දරු පරපුර පිළිබඳ මීට වඩා සිතා බැලිය යුතු බව පෙන්වාදෙන වජිර බුද්ධි නාහිමියෝ ඒ සම්බන්ධයෙන් සෑම පාර්ශ්වයක්ම කටයුතු කළ යුතු බව ද සුපිරි වෙළෙඳසල්වල මත්පැති අලෙවිය ආරම්භ කිරීමත් සමඟ නගරය පුරා මත්පැන් අලෙවිහල් ආරම්භ කර තිබෙන බව ද පවසති.
හෝමාගම නගරයට දෛනිකව විශාල පිරිසක් සිය අවශ්‍යතා ඉටු කර ගැනීම වෙනුවෙන් පැමිණෙන බව පෙන්වා දෙන උන් වහන්සේ එය බෞද්ධ පුරවරයක් බව ද ඇතැමුන් වාසි අපේක්ෂාවෙන් අත්තනෝමතික ලෙස මත්පැන් අලෙවිහල් සඳහා බලපත්‍ර නිකුත් කර තිබෙන බව ද සඳහන් කරති.
මෙවැනි මත්පැනි අලෙවිසල් ආරම්භ කිරීමට එරෙහිව ප්‍රදේශයේ මහා සංඝරත්නය ප්‍රමුඛව විරෝධතා පැවැත්වූ නමුත් සාමය කඩ කිරීමට නොහැකි බව ද මේ පිළිබඳ වගකිව යුතු නිලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ද වජිර බුද්ධි නාහිමියෝ ප්‍රකාශ කරති.
අභිමානය නැති වූ බව භික්ෂූහූ පවසති/ වදාරති/ කියති
කියල ඉරි මෙව්ව එකේ ව්‍යාකරණය හදන්ඩත් අවශ්‍යයි