ශ්‍රි ලංකාවේ ආර්ථිකය වේගයෙන් යථා තත්වයට පත් වෙමින් තිබෙන බව හෝම්ලෑන්ඩ්ස් සභාපති, ව්‍යාපාරික නලීන් හේරත් මහතා කියා සිටී. ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා, විශේෂයෙන් දේපළ වෙළඳාම් ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවති හමුවකදී ය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ව්‍යාපාරික නලීන් හේරත් මහතා
“ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ මොහොතේ ඉතා වේගයෙන් යථා තත්ත්වයට පත් වෙමින් පවතිනවා. රට ඉතා හොඳින් කටයුතු කරනවා,” ඔහු පැහැදිලි කළේය. විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය, අපනයන සහ විදේශ ආදායම් පසුගිය වසරට සාපේක්ෂව සියයට 20කට වඩා ඉහළ ගොස් ඇති බවත්, එය සැලකිය යුතු වර්ධනයක් බවත් පෙන්වා දුන්නේය.
ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා ආර්ථිකය මේ වසරේ අයවැය අතිරික්තයක් වාර්තා කර ඇති බවත්, රටේ දූෂණය අවම වී ඇති බවත්, පහළ සහ මධ්‍යම මට්ටම්වල සුළු දූෂණ තත්ත්වයන් පැවතියද, ඉදිරි වසර දෙක තුන තුළ ශ්‍රී ලංකාව දූෂණයෙන් තොර රටක් බවට පත් වනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. තවද, ශ්‍රී ලංකාව දැන් ආයෝජන සදහා ඉතා හිතකරකාරි වන අතර, රජය පෞද්ගලික අංශය මත සම්පූර්ණයෙන්ම විශ්වාසය තබමින් ව්‍යාපාරවලට සහාය දක්වන බවද ඔහු කියා සිටියේය.