මෙරට ආයෝජන මණ්ඩල කලාපවල කංසා වගාකර අපනයනය කිරීම සම්බන්ධව හොංකොං, තායිලන්තය ඇතුළු රටවල් කීපයක ආයෝජකයන් යෝජනා ඉදිරිපත් කර තිබෙන බව අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.
කංසා කර්මාන්තය දියුණුකර ආයෝජන සිදු කිරීම සම්බන්ධව මෙම යෝජනා ලැබී ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ පැවසුවේය. විදෙස් රටවල්වලින් සහ මෙරට ආයෝජකයන්ගෙන් යෝජනා 8 ක් පමණ මේ වනවිට ලැබී ඇතැයිද ඔහු කියා සිටියේය.
මෙම යෝජනා සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරමින් පවතින බවත්, මෙම යෝජනා සම්බන්ධව රජය අවසාන තීරණයකට එකඟ වී නොමැති බවද ඔහු කීවේය.